Search This Blog

Monday, June 25, 2012




අන්තර්ජාල නීතිය පනත

සන්නිවේදන ළමයින්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය පිළිබන්දව එක්සත් ජාතීන්ගේ මහලේකම් තුමන්ගේ වාර්ථාවෙහි සඳහන් විය (http://www.un.org/womenwatch/daw/vaw/violenceagainstwomenstudydoc.pdf). ශ්‍රී ලංකාවේද සන්නිවේදන තොරතුරු තාක්ෂණය ආශ්‍රිතව කාන්තාවන්ට හා ගැහැණූ ළමයින්ට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩත්වයන්හී වැඩිවීමක් ඇත. කාන්තාවන්ට හා ගැහැණූ ළමයින්ට හිංසා පැමිණ්වීමේ අරමුණ ඇතිව ඔවුන්ගේ තොරතුරු හා ඡායාරූප  ආදිය සන්නිවේදන තොරතුරු තාක්ෂණ ක්‍රම ඔස්සේ ලබාගැනීම මෙන්ම බෙදාහැරීමද අපරාධකරුවන්ට වඩාත් පහසු වී ඇත. මේ නිසා විශේෂයෙන් කාන්තාවන් හා ගැහැණු ළමෝ තව තවත් ලිංගික හිංසනයන්ට හා අපරාධයන්ට ලක්වීමේ ප්‍රවණතාව වැඩි වේ.

        අන්තර්ජාලයේ බලපෑම නිසා කාන්තාවන් හා ගැහැණු ළමුන් කෙරෙහි එල්ල වන ප්‍රචන්ඩත්වය හා හිංසනය කෙබඳුදැයි මැනබැලීමට ප්‍රමානවත් දත්ත හා පර්යේෂණ සාධක මද වුවද එමගින් කාන්තා මානව අයිතීන් හා ආරක්ෂාව දැඩිසේ උල්ලංඝනය වන බව පිළිගෙන ඇත. එහෙයින් මේ ගැන සියළු සාමාජික රටවල අවධානය යොමුවිය යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්තුමන්ගේ කාන්තාවන්ට එරෙහි ප්‍රචන්ඩත්වය පිළිබඳ වාර්ථාවෙහි සඳහන්ව ඇත. අවාසනාවකට ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය හේතුවෙන් සිදුවන ප්‍රචන්ඩත්වයන්ගෙන් හා අපයෝජනයන්ගෙන් කාන්තාවන් හා ගැහැණු ළමුන්ට ආරක්ෂාව සැපයීමට ප්‍රමාණවත් නීති සමුදායක් නැත. එසේ හෙයින් කාන්තාවන් හා ගැහැණු ළමයින් උදාහරණ වශයෙන් ඊමේල් හෝ අන්තර්ජාල හරහා තොරතුරු හුවමාරු කර ගන්නා අවස්ථාවන්හිදී තමන් පිළිබඳ පුද්ගලික විස්තර හා තමතමන්ගේ ඡායාරූප ආදිය ඒවාහී බහාළීම පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. දණ්ඩ නීති සංග්‍රහයේ අංක 16, 2000 සංශෝධන පනත



අන්තර්ජාලය ඔස්සේ සිදුවිය හැකි ප්‍රචණ්ඩත්වයට අවධානය යොමුකිරීම උදෙසා 2006 වර්ෂයේ දී ශ්‍රි ලංකා දණ්ඩ නීති සංග්‍රහයෙහි සංශෝදනයක් කරනු ලැබීය. එම සංශෝදනයට අනූව "පරිඝණක සේවාවන් සපයන්නන් තම සේවාවෙන් ළමයින්ට ලිංගික අපචාරයක් සිදු නොවන බවට වගබලා ගැනීමේ යුතුකමක් ඇත" යන වගන්තිය ඇතුළත් කර ඇත.

286 () (1) වගන්තියෙන්, පරිඝනක සේවා සපයන පුද්ගලයෙක් එම සේවාව තුළින් ළමා ලිංගික අපයෝජනයට සම්බන්ධ අපරාධයක් සිඩු නොවන බවට වග බලා ගත යුතු බව පවසා ඇත.

වගන්තියෙන්, එවැනි අපරාධයක් පිළිබඳ තොරතුරු ළඟම පොලිස් ස්ථානයට පැමිණිළි කළ යුතු බව දන්වා සිටී. මෙම නීතිය කඩ කිරීමට දඬුවම වන්නේ වසර දෙකකට නොවැඩි සිර දඬුවමක් හෝ දඩයක් හෝ සිර දඬුවම සහ දඩය යන දෙකම විය හැක ( http://www.oecd.org/dataoecd/38/0/46817262.pdf )

2007 අංක 24 දරණ පරිඝනක අපරාධ පනත
http://www.actnowsrilanka.org/images/actnow/white-hr.png
පරිඝනක අපරාධ පනත ප්‍රධාන වශයෙන් පරිඝනක සම්බන්ධ අපරාධ සහ අනවසරයෙන් දත්ත ලබා ගැනීමට පරිඝනක යොදා ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කරයි. මෙම පනත මඟින් පරිඝනකයක් තුළට අනවසරයෙන් ඇතුල් වීම හෝ එහි අඩංගු තොරතුරු ලබා ගැනීම අපරාධයක් ලෙස නම් කරයි. මෙම පනත මඟින් අසභ්‍ය රචනා සහ තොරතුරු සන්නිවේදන තාක්ෂණ මෙවළම් හරහා සිදුවන හිංසනය වැනි දේ ගැන අවධානය යොමු නොකරයි. (http://www.icta.lk/pdf/ComputerCrimesActNo24of2007.pdf)

තොරතුරු වෙළෙඳපොළ ඒකාධිකාරයේ ගැටුම සහ අපි SOPA හා SOPA යනු මෑත යුගයේ වැඩියෙන් ම ජාත්‍යන්තර කතාබහට ලක්‌ව ඇති ජනප්‍රියම තේමාවන් දෙකකි. SOPA (STOP ONLINE PIRACY ACT) සන්ධිත අන්තර්ජාල ප්‍රකාශන සොරකම් වැළැක්‌වීමේ පනත හා SOPA (PROTECT INTELLECTUAL PROPERTY ACT) බුද්ධිමය දේපළ සුරැකීමේ පනත යන මේ පනත් කෙටුම්පත් දෙකම අමෙරිකානු දේශපාලන අධිකාරී මණ්‌ඩල දෙකකට ඉදිරිපත් වෙද්දී සමස්‌ත ලෝකයම ඊට දැවැන්ත ලෙස ප්‍රතිචාර දැක්‌වූයේ ඇයි ද යන්න සලකා බැලීමත්, එය අපට කෙසේ බලපාන්නේ ද යන්න ආදී කරුණු කිහිපයක්‌ සාකච්ඡා කිරීමත් මේ ලිපියේ අරමුණයි. මෙය කල් ඉකුත්වූ සාකච්ඡාවක්‌ නොවන්නේ අනතුර තවමත් අවසන්ව නොමැති බැවින් හා පුළුල් සමාජ දැනුවත් කිරීමක්‌ අවශ්‍ය බැවිනි.
ඔබ අන්තර්ජාලය ඔස්‌සේ විවිධ ගනුදෙනු කරන සාමාන්‍ය පුරවැසියකු, පර්යේෂකයකු, විද්වත් වෘත්තිකයකු, ශිෂ්‍යයකු, ජනමාධ්‍යවේදියකු හෝ තම ආයතනය, ව්‍යාපාරය සඳහා අන්තර්ජාලය විවිධ අයුරින් සම්බන්ධ කරගත් ව්‍යවසායකයකු විය හැක. ඉහත කී පනත් දෙක අමෙරිකානු එක්‌සත් ජනපදයේ කතාබහට ලක්‌වුවද ඔබ එම පනත්වල බලපෑමට අනිවාර්යයෙන් ම හසුවන්නකු බව ඉඳුරාම දත යුතුය. අන්තර්ජාලය ගැන තබා පරිගණකය ගැනවත් – හාංකවිසියක්‌ නොදන්නා සාමාන්‍ය පුරවැසියකු වුවද එහි බලපෑමට අනිවාර්යයෙන්ම හසුවන බව කීමට මා මැළි නොවන්නේ තොරතුරු සමාජය, දැනුම් සමාජය, ජාලගත සමාජය, දැනුම් ආර්ථීකය ආදී වූ නම් ගණනාවකින් හැඳින්වෙන නූතන සමාජ ආකෘතිය තුළ දැන හෝ නොදැන අප තොරතුරු තාක්‌ෂණයෙන් යෑපෙන්නන් වී ඇති බැවිනි. එහෙයින් මේ පැහැදිලි කරගැනීම අප සියල්ලන්ටම අදාළ ය. එහෙත් සියල්ලන්ටම සම සේ නොවැටහෙනු ඇත. වැටහෙන්නන්ට එහි බරපතළකම හොඳින්ම වැටහෙනු නොඅනුමානය.
2012 වර්ෂයේ ලෝක බැංකු ජගත් සංවර්ධන දර්ශක සංගණනයන්හි සංඛ්‍යා ලේඛනවලට අනුව 1990 හි බිංදුවක්‌ ව තිබූ අන්තර්ජාල භාවිතය 2009 වන විට බිලියන 1.8 ඉක්‌මවා ඇත. එනම්, සමස්‌ත ලෝක ජනගහනයෙන් 27%ක්‌ ඉක්‌ම වූ තත්ත්වයකි. වර්ෂ 2000 – 2011 වකවානුවේ අන්තර්ජාල භාවිතය ඉහළ යැම 528.1% කි . ලෝක ජනගහනයට බෙදී යැමට සමානුපාතිකව සමස්‌ත අන්තර්ජාල භාවිත කරන්නන්ගෙන් 49%ක්‌ ම ආසියාවේ සිටිති. එහෙත් ආසියාවේ ජනගහනයෙන් අන්තර්ජාලය භාවිත කරන්නේ 26.2% කි. එම අගය උතුරු අමෙරිකාවේ 78.6% ක්‌ වෙයි. විද්යුත් තැපෑල, ෆේස්‌බුක්‌, අන්තර්ජාල බැංකු ගනුදෙනු, වාණිජ්‍යය, අන්තර්ජාල රූපවාහිනී, ගුවන් විදුලි සේවා ග්‍රහණය, වෙබ් සටහන් (බ්ලොග්), ස්‌කයිප් චැට්‌, තොරතුරු ගවේෂණය, දැන්වීම්කරණය ආදී දහසකුත් එකක්‌ කටයුතුවල ඉහත අන්තර්ජාල භාවිතා කරන්නෝ නියෑළෙති. ජාතික සංවර්ධන උපක්‍රමයක්‌ ලෙස බොහොමයක්‌ රටවල් තොරතුරු තාක්‌ෂණය පදනම් ප්‍රවේශයකට තම ජාතික සංවර්ධන න්‍යාය පත්‍රයන් හරවන්නේ තොරතුරු තාක්‌ෂණය විසින් නිබඳවම අත්කර දෙන ඉහළ ඵලදායීතාව, තරගකාරීත්වය නිසාම ය. ඒ අනුව බොහෝමයක්‌ ඌන සංවර්ධිත රටවල අන්තර්ජාලය හා තොරතුරු තාක්‌ෂණය පදනම් කරගත් ව්‍යවසායකත්ව (ව්‍යාපාරික) නවෝත්පාදනයන් දසදහස්‌ ගණනින් බිහි වේ. තොරතුරු තාක්‌ෂණයේ වඩාත් විප්ලවීය නිමැවුම වන අන්තර්ජාලය ප්‍රකාශිත නිදහස විශ්වීය ප්‍රපංචයක්‌ බවට පත්කර ඊට නව මානයක්‌ එක්‌කර ඇත. කොටින්ම නූතන විශ්ව ගම්මාන සංකල්පයේ “ස්‌නායු පද්ධතිය” වන්නේ අන්තර්ජාලය බව කීම අතිශයෝක්‌තියක්‌ නොවේ.
අද්‍රව්‍යාත්මක, කාලයේ හා අවකාශයේ කිසිදු ඉඩක්‌ නොගන්නා මේ අපූරු තාක්‌ෂණික මාධ්‍යය, සන්නිවේදනයේ හා ජාත්‍යන්තර පරිවහන, භාණ්‌ඩ හුවමාරු රටාවන්ගේ ඇති කරන දැවැන්ත පරිවර්තනය තුළ ඒ ඒ රටවලට අනන්‍ය වූ හෝ ගෝලීය වශයෙන් පොදු වූ නෛතික රාමුන් අභියෝගයට ලක්‌වේ. මින් වඩාත්ම බැට කන එක්‌ ක්‌ෂේත්‍රයක්‌ වන්නේ බුද්ධිමය දේපළයි. තාක්‌ෂණික ප්‍රායෝගයන්ගෙන්, විවිධ නිර්මාණ සොරකම් කරන, අයථා ගනුදෙනුවල නිරත වන පිරිස්‌, ආයතන කොපමණදැයි කිව නොහැක. මාධ්‍ය සමාගම් මේ සොරකම්වලට එරෙහි විවිධ පියවර ගනී. ඔවුන් පවතින නීතිරීති යටතේ කොටුකර ගැනීමට උත්සාහ දරයි. ඒ සඳහා නව ක්‍රම සොයයි. පුද්ගලයන්ට, එම වෙබ් අඩවි භාවිත කරන්නන්ට, දායකත්වය දරන්නන්ට (Subscribers) එරෙහිව නඩු පවරයි. එහෙත්, PirateBay, MegaUpload වැනි ජාත්‍යන්තර වෙබ් අඩවි මේ ප්‍රකාශන අයිතීන් උල්ලංඝනයෙන් වැළකී නැති අතර වර්තමානය වන විට සිදුවී ඇත්තේ එබඳු ප්‍රකාශන අයිතීන් උල්ලංඝනය කරන වෙබ් අඩවි සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යැමය. SOPA හා PIPA ගැන කතා කිරීමට මේ මූලික හැඳින්වීම කළ යුතුම ය.
මේ හැඳින්වීම තුළ SOPA හා PIPA වැනි පනත්වල අරමුණ හොඳින් පැහැදිලි වේ. අමෙරිකානු මන්ත්‍රී මණ්‌ඩල සභික ලැමර් ස්‌මීත් විසින් SOPA මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කෙරෙන්නේ පසුගිය වසරේ ඔක්‌තෝබර් 26 වැනි දා ය. යම් සංශෝධනයන්ට ලක්‌වීමෙන් අනතුරුව එය යළිත් පසුගිය දෙසැම්බර් 16 වැනි දා ඉදිරිපත් කරනු ලැබුයේ හාරසිය තිස්‌පස්‌ දෙනකුගෙන් සමන්විත මන්ත්‍රී මණ්‌ඩලයේ තිස්‌ එක්‌ දෙනකුගේ යෝජනා සහායෙනි. PIPA ඉදිරිපත් කරන්නේ සෙනට්‌ සභාවට ය. එහි නිර්මාණකරු සෙනට්‌ සභික පැටි‍්‍රක්‌ ලේහි විසින් පසුගිය දෙසැම්බර් 5 වැනි දා සියයක්‌ වූ සෙනට්‌ මණ්‌ඩලයේ හතළිස්‌ දෙනකුගේ යෝජනා සහායෙන් එය සභාගත කරයි. පනත් කෙටුම්පත් දෙකෙහිම අන්තර්ගතය බැලූ බැල්මට සමාන ය. එහෙත් විශ්ලේෂකයන් පවසන්නේ SOPA වඩාත් බරපතළ බවයි. එම පනත් කෙටුම්පත්වල ඉලක්‌ක වී ඇති අන්තර්ජාල සේවා, වෙබ් අඩවි වර්ග කිහිපයක්‌ වෙයි. ඒවා නම්- ප්‍රකාශන අයිතීන් උල්ලංඝනය සඳහාම කැපවී ඇති වෙඩ් අඩවි Internet Sites Dedicated to infringement activities (ISDIA), අනවසර වෙබ් අඩවි නාම ලියාපදිංචිය සපයන සේවා පද්ධති (Nonauthoritative Domain Name System Servers NDNSS), මූල්‍ය හුවමාරු සේවා සපයන්නන් (Financial Transaction
Providers ˙ (FTP), අන්තර්ජාල දැන්වීම් සේවා (Internet
Advertising Services ADS), තොරතුරු මුලාශ්‍ර ස්‌ථාන මෙවලම් (Information Location Tools ˙ ILTS) වේ. මෙම අවසානයට දැක්‌වූ ප්‍රවර්ගය යටතට ප්‍රධාන වශයෙන් ම තොරතුරු මූලාශ්‍ර ගවේශන යන්ත්‍රණ (Search engines) අන්තර්ජාලමය නාමාවලීන් (Online Directories)) ආදිය ඇතුළත් වේ. පනත් කෙටුම්පත් දෙක තුළම – ඒවායේ ප්‍රධාන අර්බුදය වන ප්‍රකාශන හිමිකම් උල්ලංඝනය කිරීම් හා බුද්ධිමය දෙපල මංකොල්ල කෑම්වලට එරෙහිව නීතිමය පියවර ගත යුතු ආකාර දෙකක්‌ දක්‌වා තිබේ. පළමුවැන්න අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවට යට කී චුදිත වෙබ් අඩවි හෝ සේවා පදනම්, සැපයුම්කරුවන්ට එරෙහිව ඒවා අවහිර කිරීමට, අවලංගු කිරීමට අධිකරණ නියෝග ලබාගත හැක. දෙවනුව, මෙම කොල්ලකෑම්වලට ලක්‌වන බුද්ධිමය දේපලවල සැබෑ අයිතිකරුවන්ට, සෘජුවම අදාළ සිදුවීමට සම්බන්ධ සෑම අන්තර්ජාල අඩවියකට ම එරෙහිව නීතිමය පියවර ගත හැක. විශේෂත්වය වන්නේ මෙම පනත් දෙකම විදේශ වෙබ් අඩවි ඉලක්‌ක කර කෙටුම්පත් කර තිබීමයි. ප්‍රධාන වශයෙන් මෙම ‘වංචනික’ වෙබ් අඩවි ඔස්‌සේ ‘කොල්ලකෑමට’ ලක්‌වන භාණ්‌ඩ ලෙස දක්‌වා ඇත්තේ, ශ්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණ (සංගීත, චිත්‍රපට), වංචනික ඖෂධ, ජාතික ආරක්‌ෂක ප්‍රමිතීන් හා අනුකූල යෑයි වංචනිකව නිර්දේශ කළ විවිධ භාණ්‌ඩ වේ. චූදිත පාර්ශ්වයන් සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගැනීම, ඇමෙරිකාකු දේශීය ආරක්‌ෂක ලේකම්, නීතිපති, වාණිජ ලේකම් හා බුද්ධිමය දේපළ පාලන ලේකම් යන අයගේ තක්‌සේරු හා නිර්දේශ මත සිදු කෙරේ.
මෙම පනත් කෙටුම්පත් සඳහා යෝජනා සහය දැක්‌වූ මන්ත්‍රණ සභා සාමාජිකයන් තිස්‌එක්‌ දෙනා හා සෙනට්‌ සභිකයන් හතළිස්‌ දෙනා පිටුපස සිටින ව්‍යාපාරික ප්‍රජාව කවුරුන් ද ? ප්‍රධාන වශයෙන් ම අමෙරිකානු දැවැන්ත මාධ්‍ය ආයතන, පොත් වෙළෙඳ සමාගම්, චිත්‍රපට නිෂ්පාදන ආයතන ඒ අතර සිටී. Pfier ඖෂධ සමාගම, Revlon රූපලාවන්‍ය නිෂ්පාදන සමාගම, විනෝද මෘදුකාංග සංගමය (Entertainment Software Association), අමෙරිකානු වාණිජ මණ්‌ඩලය, අමෙරිකානු චිත්‍රපට සංගමය (Motion Pictures Association of America), නාමිකව සඳහන් කළ හැකි ආයතන වේ. ව්‍යාපාර මෘදුකාංග සන්ධානය (Business Software Alliance), පළමුව පනත් සඳහා සහාය පළ කළ ද පසුව ඉන් ඉවත් විය. ‘ඇපල්’, ‘මයික්‍රොසොෆ්ට්‌’ ආයතන නිහඬව සිටිය ද පසුව මයික්‍රොසොෆaට්‌ සමාගම SOPA හි වර්තමාන ස්‌වරූපය හා එකග නොවන බව කියා ඇත. වීඩියෝ ක්‍රීඩා වැඩසටහන් නිෂ්පාදකයන් නිහඬය. ධවල මන්දිරය මේ පනත් සම්බන්ධයෙන් තම කනස්‌සල්ල පළ කර ඇත්තේ වඩාත් පුළුල් පාර්ශ්වකාරීත්වයක්‌ යටතේ විධිමත් උපදේශකත්වයක්‌ සහිතව පනත් කෙටුම්පත් කළා නම් හොඳ බව කියමිනි. බුද්ධිමය දේපල අයිතීන් උල්ලංඝනය කරන, එබඳු දේපළ මංකොල්ලකෑමට සැදී පැහැදී සිටින අන්තර්ජාල ‘සොරුන්ට’ එරෙහිව මෙබඳු නීතිමය පියවරක්‌ ගැනීමට සූදානම් වීමේ ඇති වරද කුමක්‌දැයි ඔබට වුව සිතිය හැක. තාර්කිකව ඔබ නිවැරැදි ය. එහෙත් ප්‍රායෝගිකව ඔබ ඉඳුරාම වැරැදි ය.
අන්තර්ජාලය තවදුරටත් යාන්ත්‍රික භාවිතයක්‌ නොවේ. එය සමාජ මාධ්‍යයකි. වෙළෙඳපොළකි. බැංකුකරුවෙකි. තොරතුරු මූලාශ්‍රයකි. සිනමා ශාලාවකි. අදාළ පනත් සම්මත වූයේ නම්, එහි බලපෑමට ඔබ හසුවන ආකාරය උදාහරණයකින් පැහැදිලි කරමි. නව සංකල්පයක්‌ ගැන වැඩිමනත් තොරතුරු සොයා ගැනීමට සාමාන්‍යයෙන් අප කරන්නේ ගවේෂණ යන්ත්‍රණයක (Search Engine) සහාය පැතීමයි. එය ගූගල් යෑයි සිතමු. ගූගල් නීති විරෝධී අඩවියක්‌ නොවේ. එහෙත් ඔබ සොයන තොරතුරු සහිත වෙබ් අඩවි ලැයිස්‌තුවේ මින් පසුව පෙළගැසෙන්නේ ඉහත පනත්වල ප්‍රතිපාදනවලට ගොදුරු නොවන අඩවි වේ. ඒ අනුව ඔබේ ගවේෂණයේ ප්‍රතිඵලය හිස්‌ පිටුවක්‌ පමණක්‌ ලැබෙන්නට ද පිළිවන. ඉතින් වැරැදීමකින් හෝ එබඳු එක්‌ අඩවියක්‌ හෝ ගූගල් මගින් ඔබට ඉදිරිපත් කළහොත් ඊට ‘වන්දි ගෙවීමට’ සිදුවන්නේ ගූගල් අඩවියටය. එය තහනමට ලක්‌කෙරේ. ඒ අනුව එක්‌ වෙබ් අඩවියක ඊට අදාළ වෙනත් අඩවිවල නාම, සබඳතා දැක්‌වීම සිදු නොවනු ඇත.
දැන් මෙම පනත් කෙටුම්පත්වලට එරෙහි පාර්ශ්වයන් කවුරුන්දැයි විමසා බලමු. Twitter, Mo’illa, Google, Yahoo, Youtube, Blogger, Paypal, Flickr, e Bay, Craiálist, Wikipedia ඒ අතර ඉදිරියෙන් සිටී. මේ පනත් මගින් සිදුවිය හැකි බොහෝ අහිතකර දෑ පිළිබඳ පුළුල් ජනතා සංවාදයක්‌ ගොඩනැංවීමට ඉතා විශාල සිවිල් සමාජ ක්‍රියාකාරීත්වයක්‌ නිර්මාණය වී තිබේ. ප්‍රකාශය අයිතීන් උල්ලංඝනය, බුද්ධිමය දේපළ මංකොල්ලය යන තේමා ඔස්‌සේ සම්මත කිරීමට සූදානම් කර තිබූ පනත් කෙටුම්පත්වලින් සමස්‌ත ප්‍රකාශන නිදහසට කෙබඳු බලපෑමක්‌ ඇතිවේ ද යන්න පිළිබඳවත්, එම පනත්වල ඇති අදූරදර්ශීභාවය පිළිබඳවත් විද්වත් – වෘත්තික කතිකාවක්‌ ලෝකය පුරා සජීවීව, සක්‍රීයව සිදුවෙමින් පවතී. එම මතවාද කිහිපයක්‌ විමසා බැලීම ද අවශ්‍යයෙන්ම කළ යුතුය.
විද්යුත් දේශසීමා පදනම ((Electronic Frontiers Foundation ˙
EFF) නම් ආයතනය, මෙය කිසිසේත්ම අර්ථාන්විත නොවන කටයුත්තක්‌ බව ප්‍රකාශ කරයි. මෙම රෙගුලාසි මගින් අවහිර කරවන වෙබ් අඩවි සඳහා යුක්‌තිය කෙසේ ඉටු කළ යුතු ද ? ඔවුන්ට තම නිරවද්‍යතාව කෙසේ ඔප්පු කළ හැකි ද ? අවලංගුවීමේ අලාභය දරන්නේ කවුරුන් ද ? ආදිය EFF ප්‍රශ්න කරයි. තවදුරටත් ඔවුන් ප්‍රකාශ කරන්නේ වඩාත් ව්‍යාප්ත, ප්‍රබල වෙබ් අඩවි (උදා( Youtube) සඳහා තම ග්‍රාහකයන් හා දායකයන් නිරීක්‌ෂණය කළ හැකි වුවත් කුඩා පරිමාණ අඩවි සඳහා එසේ කළ නොහැකි බවයි. මෙම පනත් තම ව්‍යාපාරික සැලසුම්වල උපක්‍රමික දෝෂ වසා ගැනීමට නීති පැනවීමේ වෑයමක්‌ ලෙස ද EFF ආයතනය හඳුන්වයි. එබඳු ප්‍රකාශන අයිතීන් උල්ලංඝනය වැළැක්‌වීම සඳහා වඩාත් නිර්මාණාත්මක මෙවලම් අන්තර්ජාලයේ ම නිර්මාණය කළ හැකි බව පවසන EFF ආයතනය, ඒ සඳහා SPOTIFY උදාහරණ කොට දක්‌වයි.
අන්තර්ජාලයේ නිදහස්‌ මාධ්‍ය සංස්‌කෘතිය, කතා කිරීමේ, තොරතුරු හුවමාරු කර ගැනීමේ, ප්‍රකාශනයේ නිදහස මෙම පනත් මගින් බරපතළ ලෙස අභියෝගයට ලක්‌ කෙරෙන අතර විචාරකයන් පෙන්වා දෙන්නේ මෙය 1998 දී සෙනට්‌ සභාව සම්මත කළ ඩිජිටල් සහශ්‍රක ප්‍රකාශන අයිතීන් පනත (Digital Millenium Copyright Act ˙ DMCA) ඉක්‌මවා යාමක්‌ බවයි. කුඩා පරිමාණ වෙබ් අඩවි සඳහා DMCA පනතින් යම් තරමක හෝ ආරක්‌ෂාවක්‌ හිමිවී තිබිණි. EFF ආයතනය වැඩිදුරටත් කියා සිටින්නේ මෙය ලොව පුරා රටවලට වැරැදි පූර්වාදර්ශයක්‌ සපයන අතර බොහෝ මර්දනකාරී පාලනයක්‌ පවතින රටවල මෙබඳු පනත් දේශීය වශයෙන් අනුගමනය කිරීමට ඉඩ ඇති බවයි. මෑතකදී සිදු වූ ඊජිප්තු හා ටියුනීසියානු විප්ලව සඳහා මූලික වූ වෙඩ් අඩවි මෙම තත්ත්වයේ පළමු ගොදුරු බවට පත්විය හැකි බව එම ආයතනය අනතුරු අගවයි. වොෂිංටනයේ ප්‍රකාශයට පත්වන ටයිම් සගරාවේ ටෙක්‌ලෑන්ඩ් (Techland) බ්ලොග් අඩවිය මෙය සමාන කරන්නේ ප්‍රභූවරුන්ගේ පෞද්ගලික ජීවිත පිළිබඳ වාර්තා කිරීම හේතුවෙන් බ්‍රිතාන්‍යය විසින් අමෙරිකානු පුවත්පත් තහනම් කිරීමකට සමාන තත්ත්වයකටයි.
මෙම තත්ත්වය අළලා විවෘත ලිපියක්‌ නිකුත් කළ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ව්‍යවස්‌ථා නීතිය පිළිබඳ මහාචාර්ය ලෝරන්ස්‌ ට්‍රයිරී ප්‍රකාශ කර සිටින්නේ අන්තර්ජාලය තුළ සිදුවන නිදහස්‌ හා විවෘත තොරතුරු සන්නිවේදනය බරපතළ අවදානමකට ලක්‌වන බවකි. මෙය පළමුවැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය උල්ලංඝනය කිරීමක්‌ බවද ඔහු සඳහන් කරයි. අන්තර්ජාලය හා සමාජය පිළිබඳ බර්ක්‌මන් ආයතනයේ අධ්‍යක්‌ෂ ජෝන් පැල්පරි තම පර්යේෂණ දත්ත මේ සඳහා පාදක කරගැනීම පිළිබඳ නොසතුට පළ කර ඇත. ඔහු පෙන්වා දෙන පරිදි මේ අත්තනෝමතික සීමා කිරීම්වලින් ඒකාධිපති, මර්දනකාරී පාලනයක්‌ සහිත රටවල විකල්ප මතධාරී ජනතා කණ්‌ඩායම් අනතුරකට මුහුණපායි. එම ප්‍රකාශය හා අමෙරිකානු පර්යේෂකයකු හා ප්‍රකාශන නිදහස පිළිබඳ ක්‍රියාකාරිකයකු වන මර්වින් ඇමොරිගේ මතය මනාව ගැළපේ. ඇමොරි පවසන්නේ අමෙරිකානු නාවුක පර්යේෂණ ආයතනයේ මූලිකත්වයෙන් නිර්නාමිකව තොරතුරු සම්ප්‍රේෂණය කිරීම සඳහා ආරම්භ කළ TOR (The Onion Router) ව්‍යාපෘතියේ කාර්යභාරය හෑල්ලූ වන බවයි. එය අමෙරිකාව 2002 දී අරඹන්නේ මර්දනකාරී රටවල විකල්ප මතවාද නිර්නාමිකව සම්ප්‍රේෂණයට වේදිකාවක්‌ සැපයීමේ අභිලාෂයෙනි.
යෝජිත පනත් කෙටුම්පත් දෙක පිළිබඳව විද්වත් – වෘත්තික මත මෙසේ ඉදිරිපත් වෙද්දී අමෙරිකාව තුළ හා ජාත්‍යන්තරව නැගුණු ප්‍රතිචාරය විමසා බැලිය යුතුය. ඒවා අතර පනත් පිළිබඳව රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිචාර මෙන්ම සිවිල් සමාජ – ව්‍යාපාරික ප්‍රතිචාර ද තිබිණි. යුරෝපා සංගම් පාර්ලිමේන්තුව ගෝලීය අන්තර්ජාල ආරක්‌ෂාවට තර්ජනයක්‌ වන හා නිදහස්‌ සන්නිවේදනයට, තොරතුරු ගලනයට හානිකර ජාත්‍යන්තර හෝ ඒකපාර්ශ්වීය නීති පැනවීම නොකළ යුතුයෑයි යෝජනාවක්‌ සම්මත කළේය. ගෝලීය ඩිජිටල් සංවර්ධන වැඩසටහන් පිළිබඳ යුරෝපා සංගමයේ මහකොමසාරිස්‌ නිලී ක්‍රෝස්‌ ”අහිතකර පනතකට වඩා විවෘත අන්තර්ජාලයේ ප්‍රතිලාභ අගනා” බව පවසමින් තම කනස්‌සල්ල පළකර තිබේ. අදාළ පනත් හෙළාදකින ලෙස බ්‍රිතාන්‍ය රජයට බල කරමින් එරට පොදු රාජ්‍ය මණ්‌ඩලයීය කාර්යාලයට පුද්ගලයන්ගෙන් මෙන්ම ආයතනවලින් ඇමතුම් ගලා එන්නට විය. ලොව පුරා විවිධ උද්ඝෝෂණ හා විරෝධතා ක්‍රියාත්මක විය. වීදි බැසීම්වලට වඩා අන්තර්ජාලය ඔස්‌සේ කළ සිවිල් විරෝධතා දැක්‌වීම් අතිසාර්ථක විය. මෙම වසරේ ජනවාරි 18 වැනි දා විකිපේඩියා විවෘත අන්තර්ජාල විශ්වකෝෂය සිය වෙබ් පිටු අඳුරු කළේ (Black Out) ඊට විරෝධය පෑමට මෙන්ම පුළුල් ලෙස ජනතාව දැනුවත් කිරීමටය. ඊට තවත් අනුබද්ධ වෙබ් අඩවි 7000ක්‌ එක්‌ව තිබිණි. පැය විසිහතරක්‌ තුළ දී මේ පිළිබඳව දැනුවත් වූ පිරිස මිලියන 160ක්‌ විය. ගූගල් වෙබ් අඩවිය විසින් අත්සන් මිලියන හතකින් සමන්විත පෙත්සමත් සකස්‌ කෙරිණි.
මෙම පනත් වෙත විරෝධතාවන් දක්‌වන ආයතන ප්‍රධානීන් දාහත් දෙනකුගේ මූලිකත්වයෙන් වොෂින්ටනයට විවෘත ලිපියක්‌ යෑවිණි. එහි අවධාරණය කළේ මෙතෙක්‌ පැවැති නෛතික සීමා කිරීම් මැද වුවද ව්‍යාපාරික හා ස්‌වේච්ඡාමය අන්තර්ජාල සේවා සපයන ආයතනවලට නවෝත්පාදනය, ව්‍යවසායකත්ව සංවර්ධනය, තරගකාරීත්වය පවත්වා ගත හැකි වුවද නූතන තත්ත්වය එය මුලූමනින්ම සිඳබිඳ දමන බවයි. එසේම මෙය අමෙරිකාවේ නිදහස්‌ මාධ්‍ය ප්‍රතිපත්තිය චීනයේ, ඉරානයේ හා මැලේසියාවේ තත්ත්වයට ඇද දමන බව ද සඳහන් වී තිබිණි. මෙම තත්ත්වය තුළ පසුගිය ජනවාරි 24 වැනි දා මෙම පනත් පිළිබඳ ඡන්ද විමසීමට නියමිතව තිබුණත් එම පනත්, මන්ත්‍රණ සභාවෙන් හා සෙනට්‌ මණ්‌ඩලයෙන් ඉවත් කරගෙන තිබිණි. මන්ත්‍රී මණ්‌ඩල සභික ඩැරල් ඉසා මෙම පනත් සඳහා සංශෝධන ඇතුළත් කිරීමට යෝජනා කළේය. මෙම කෙටුම්පත්වලට විකල්ප ලෙස දැනට ඉදිරිපත්වීමට නියමිතව ඇත්තේ OPEN (Online Protection and
Entorcement of Digital Act) පනතයි. මේ සඳහා මූලිකත්වය සෙනට්‌ සභික රෝන් වයිඩන් විසින් ගෙන ඇති අතර ඊට මූලිකවම සෙනට්‌ සභිකයන් සිව් දෙනකුගේත් මන්ත්‍රණ සභාවේ විසිහය දෙනකුගේත් සහාය පළවී තිබේ. මෙම නව යෝජනාවට, SOPA හා PIPA සඳහා විරුද්ධ වූ බොහෝ පාර්ශ්වයන්ගේ මනාපය හිමි වී ඇත.
ඒ කෙසේ වුවත්, මෙම තත්ත්වය විග්‍රහ කර ගැනීමේදී අප වටහා ගත යුතු කරුණු කිහිපයක්‌ තිබේ. මෙය තොරතුරු තාක්‌ෂණයේ නිජ භූමිය වන සිලිකන් නිම්නය (සැන් ප්‍රැන්සිස්‌කෝ) හා හොලිවුඩය අතර ගැටුමක්‌ ලෙස අර්ථකථනය විය. දෙවනුව, මේ වෙබ් අඩවි තහංචිය බුද්ධිමය දේපළ සම්බන්ධ කරුණක්‌ ලෙස මතුව එන්නේ, තොරතුරු තාක්‌ෂණික සමාජ මාධ්‍යයන්ගෙන් පණ ලත්, තවමත් අවසන් වී නොමැති ඊජිප්තු හා ටියුනීසියානු ‘විප්ලව’ අතරතුරදී ය. තෙවැනුව, අන්තර්ජාලය වැනි අශ්පෘෂ්‍ය සමාජ මාධ්‍යයක්‌ පාලනයට සාම්ප්‍රදායික නීති උග්‍ර කිරීමේ අසාර්ථක උත්සුකතාව පෙනී යයි. සිව්වැනුව, SOPA හා PIPA යනු ‘මුට්‌ටිය දමා බැලීමක්‌’ විය හැක. සැබෑ පනත කරළියට ගෙන ඒම ඊළගට සිදුවිය හැක. කෙසේ වුවද එබඳු පනත් ශ්‍රී ලංකාව මෙන්ම බොහෝ දිළිඳු රටවලට හිතකර ලෙස බල නොපාන බව කිව යුතුමය. නවතම සංඛ්‍යා ලේඛන අනුව ලංකාවේ ජනගහනයෙන් අන්තර්ජාලය භාවිත කරන්නේ 11.3% ක්‌ පමණි. එහෙත් එයින් කොපමණ පිරිසක්‌ යෑපෙන්නේදැයි ගණනය කර නැත. SOPA හා PIPA සඳහා විරුද්ධ වූ පිරිස්‌ ඊට විරුද්ධ වූයේ අප ගැන සිතා නොවේ. එය තම තමන්ට අවාසි සහගත බැවිනි. එහෙයින් ඉදිරියේ උද්ගත වන තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්‌වීමේ දී ශ්‍රී ලංකාවට අනන්‍ය මතයක පිහිටා කටයුතු කරනු වෙනුවට ගෝලීය ප්‍රවණතා, සාමූහික ප්‍රතිචාර මැනවින් විග්‍රහ කර ගනිමින් සිවිල් මෙන්ම රාජ්‍යතාන්ත්‍රිකව ප්‍රතිචාර දැක්‌වීම කළ යුතුය. SOPA හා SOPA සඳහා ජාත්‍යන්තර වශයෙන් විරෝධතාව දැක්‌වීම සඳහා තම රටවල විදේශ අමාත්‍යාංශ වෙත වාචිකව හා ලිතව විරෝධය ඉදිරිපත් කරන ලෙසත්, අන්තර්ජාල පහසුකම් ඇත්තන්ට එය භාවිත කර ජාත්‍යන්තරව දියත් වන විරෝධතා සමග ඒකාබද්ධ වන ලෙසත් ක්‍රියාකාරීන් මතක්‌ කර දී තිබිණි. අවසාන වශයෙන් කිව යුත්තේ අනතුර අවසන් නැති බවයි. එය අධිරාජ්‍යවාදී මෙහෙයුමක්‌ වුවද, ව්‍යාපාරික අර්බුදයක්‌ වුවද වැඩිපුර තැළෙන්නේ අපි බව සිහි තබාගත යුත්තෙමු.

http://www.movshare.net/video/e6di4pogvvjpo  

Thursday, June 21, 2012

අන්තර්ජාලයට බාධා කරන අලුත් වෛරසය | DNS Changer New virus


A serious threat has been caused from a malware that could infect computers even without the knowledge of their users.The malware has been introduced by a sophisticated internet fraud ring that uses the servers to manipulate people’s web browsing. The way by which computers are most likely to be infected by this malware is by opening malicious attachments in emails or by visiting suspect websites through links included in an email. 
The Sri Lanka Computer Emergency Readiness Team|Coordinating Centre says it has not as yet received any complaints regarding infected computers or any internet users being a victim of this malware.

http://www.dcwg.org/detect

Friday, June 1, 2012

මගේ වීඩීයෝ ලෝගෝ එක Click කරලා බලන්න  http://www.movshare.net/video/e6di4pogvvjpo