Search This Blog

Sunday, July 21, 2013

අති පූජ්‍ය වාරියපොල ශ්‍රී සුමංගල හිමි


අති පූජ්‍ය වාරියපොල ශ්‍රී සුමංගල හිමි 19 වන සියවසේ මුල් කාලයේ සිංහලේ (වර්තමානයේ ශ්‍රී ලංකාවට අයත් ප්‍රදේශයකි) විසූ බෞද්ධ භික්ෂුවකි. උන් වහන්සේ අස්ගිරිය සංඝ සභාවේ අනුනායක ධූරය දැරූ අතර වඩාත් ප්‍රසිද්ධ වූයේ 1815 දී උඩරට ගිවිසුම අත්සන් කරන අවස්ථාවේ සිංහලේ පාලනය නිල වශයෙන් බ්‍රිතාන්‍යයන්ට බාර දීමට ප්‍රථම ඉහළ නැංවූ බ්‍රිතාන්‍ය කොඩිය (Union Jack Flag) බිම දමා නැවත සිංහලේ සිංහ කොඩිය ඉහළ නැංවීමෙනි. පසුව 1818 නිදහස් අරගයේදී එතුමා දන්ත ධාතූන් වහන්සේ දළදා මාලිගාවෙන් ඉවත් කර, නිදහස් අරගලයේ නායකයන් වෙත බාර දුන්නේය. වාරියපොල ශ්‍රී සුමංගල හිමියන් එම වසරේදීම අත් අඩංගුවට පත් වූ අතර එතුමාට රාජද්‍රෝහී වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කරන ලදී. අපි ඔබට ආචාර කරන්නෙමු හිමියනි....

1 comment: